ජපානයේ ප්‍රබල භූකම්පනයක්
March 26, 2026 09:53 pm
ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.
භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.
