පෙබරවාරියේ උද්ධමනය පහළට

පෙබරවාරියේ උද්ධමනය පහළට

March 23, 2026   03:07 pm

2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2026 ජනවාරි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2026 ජනවාරි මාසයේ දී 3.4%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 පෙබරවාරි මාසයේ දී 1.1% ක් දක්වා අඩු වී ඇත.
 
එමෙන්ම, 2026 ජනවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  1.6%ක් ලෙස පැවති අතර, 2026 පෙබරවාරි මාසය සඳහා ද එම අගය 1.9%ක් දක්වා වැඩිවී තිබේ.