ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වීඩියෝ කරන්න ගිය ලාංකිකයන් සිව් දෙනෙකුට තුවාල

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වීඩියෝ කරන්න ගිය ලාංකිකයන් සිව් දෙනෙකුට තුවාල

March 22, 2026   10:49 am

ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අදාළ ප්‍රහාර දර්ශන වීඩියෝ කිරීමට යාමේදී මොවුන් තුවාල ලබා ඇති බව තනාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. 

ගොඩනැගිලිවල වීදුරු කඩා වැටීම හේතුවෙන් මොවුන් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාර පිහිටා ඇති ඩිමෝනා නගරයට ඊයේ (21) ඉරානය විසින් ප්‍රහාර එල්ල කිරීම පියවර ගනු ලැබීය.

ඒ, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසිනි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් පමණ දුරින් මෙම මිසයිල ප්‍රහාරය පතිතවී ඇති බව සඳහන්ය.