ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල
March 22, 2026 07:13 am
ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.
අදාළ ප්‍රහාර එරට වේලාවෙන් අලුයම 01.20ට පමණ ආර්ඩ් නගරයට එල්ලවී ඇති බවත් ඉන් පුද්ගලයින් 88 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම පුද්ගලයින් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දස දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.
තවත් පුද්ගලයින් 55 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
