පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

March 22, 2026   06:50 am

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එමෙන්ම 15%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවත් අවම බස් ගාස්තුව ලෙස පවතින රු 28ක මුදල රු 35ක් ලෙස ඉහළ දැමිය යුතු බවත් එම සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවය.

ඒ හේතුවෙන් අද (22) දින බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස්රථ හිමියන් තමන්ට දැනුම්දුන් බවත් බස් 10%ක ප්‍රමාණයක් ධාවනයේ යෙදෙන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවත් එයට බලධාරීන් එකඟ නොවන්නේ නම්, හෙට (23) දිනයේ දී බස් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.