පැය 48ක් තුළ හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව ට්‍රම්ප් කියයි
March 22, 2026 06:26 am
හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය Truth Social වෙත සටහනක් තබමිනි.
ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන් වේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 වන දින GMT 23:44ට මෙම සටහන පළ කළේය.
ඒ අනුව එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
