වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්
March 21, 2026 06:03 pm
වාද්දූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා තිබේ.
මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය සදහන් කර සිටී.
