ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක්
March 21, 2026 04:50 pm
ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.
යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්‍රහාර එල්ල වූ අතර, එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි.
