ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

March 21, 2026   01:05 pm

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය අද (21) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන්ය.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල සවස 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කර ඇත.

එමෙන්ම, මෙම වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.