ලොවක් ආදරය කළ ජනප්‍රිය නළු චක් නෝරිස් අභාවප්‍රාප්ත වෙයි
March 20, 2026 08:22 pm
ලොව පුරා අතිශය ජනප්‍රිය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වන චක් නෝරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ බවය.
ප්‍රසිද්ධ සටන් නළුවෙකු මෙන්ම ආත්මාරක්ෂක සටන් ශිල්පියෙකු වූ චක් නෝරිස් සටන් කලා ශිල්පය ගැන පොත් ගණනාවක් රචනා කර ඇත.
1940 මාර්තු 10 වනදා අමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝර්ස් 1958 සිට 1962 දක්වා අමෙරිකා ගුවන් හමුදාවේ සේවය කර තිබේ.
පසුව ඉන් ඉවත් වී ඔහු රංගනයට පිවිස ඇත.
1972 වසරේදී බෲස් ලී සමඟ "Way of the Dragon" චිත්‍රපටයේ රඟපෑ සටන් ජවනිකාව හේතුවෙන් ඔහු ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වී තිබුණි.



