ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
March 20, 2026 10:47 am
හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්‍රදේශයේ ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් රැස්කර තබාගෙන සිටි අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලීසිය සඳහන් කරයි.
එහිදී නිවසෙහි සඟවා තිබී ඩීසල් ලීටර් 480කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවට සඳහන් වේ.
සැකකරු සහ නඩු භාණ්ඩ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
