සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු 

සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු 

March 19, 2026   11:28 am

කුලියාපිටිය මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කුලියාපිටිය පොලීස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, CCTV දර්ශන අනුව එම විමර්ශන සිදු කරන බවය.

කෙසේ වෙතත් අදාළ පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිල්ල ලැබී නොමැති බව ද සඳහන් වේ. 

කුලියාපිටිය පන්නල මාර්ගයේ සිට පැමිණෙන එම පුද්ගලයා කුලියාපිටියේ සිට මාදම්පේ ප්‍රධාන මාර්ගය හරහා  යතුරු පැදියෙන් ගමන් ගන්නා පුද්ගලයාට එලෙස පහර දෙන අයුරු එම CCTV දර්ශනය සටහන්ව ඇත.‍

කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නලින් මහීපාල මහතා ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ පවත්වයි.