පෞද්ගලික පාසල් සඳහාත් බදාදා නිවාඩු ලබාදෙන්නැයි ඉල්ලීමක්
March 17, 2026 10:25 am
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවය.
මේ අතර, සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් නොපැවැත්වීමට ද උපදෙස් ලබා දී ඇති බව ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සතියේ සෑම බදාදා දිනකම උපකාරක පන්ති සහ දේශන නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.
අත්‍යවශ්‍යෙස්වා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවය.

