කාබුල්හි රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 400ක් මරුට

කාබුල්හි රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 400ක් මරුට

March 17, 2026   09:33 am

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කර ඇත.

කෙසේ වෙතත්, පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.