හෙරොයින් සහ අයිස් සමග පුද්ගලයෙක් කොටදෙණියාවේදී අත්අඩංගුවට
March 16, 2026 09:12 am
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කොටදෙණියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොටදෙනියාව හපුවලාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 165ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි හපුවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොටදෙණියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර අහුංගල්ල ගමකරන වත්ත ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 261යි මිලිග්‍රෑම් 620ක් සමග 22 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
