දිස්ත්‍රික්ක 14කට උණුසුම් කාලගුණයක් 

දිස්ත්‍රික්ක 14කට උණුසුම් කාලගුණයක් 

March 15, 2026   05:50 pm

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතිනු ඇත. 

මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.