හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීමට ට්‍රම්ප්ගෙන් ඇරයුමක්
March 14, 2026 08:31 pm
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සඳහා සිය නැව් යොමු කරන ලෙසට චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් සිදු කර තිබේ.
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇත.
බොහෝ රටවල් සිය ප්‍රධාන නැව්වල ආරක්ෂාව සඳහා යුද නැව් යවනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
අමෙරිකාව විසින් ඉරානයේ හමුදා බලය සියයට 100කින් විනාශ කර තිබුණ ද ඔවුන් ඩ්‍රෝන යානා, බිම්බෝම්බ සහ කෙටිදුර මිසයිල භාවිත කරන බව ඔහු පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති නෞකාවල ආරක්ෂාව තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
