107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

March 14, 2026   06:00 pm

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල්මහා සටන ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පරදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 157ක් පමණි.

ඊට පිළිතුර වශයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 264ක් රැස්කළේය.

ඉන් අනතුරුව ශාන්ත අන්තෝනි විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා ලකුණු සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස්කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 64ක් හඹා ගිය ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබා සිටියදී ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට පැමිණීම හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිසුරුවරු තීරණය කළහ. 

ඒ අනුව කණ්ඩායම් ද්වීත්වය ක්‍රීඩාගාරය වෙත ගිය අතර අනතුරු තරගය ආරම්භ කිරීමට සූදානම් වූවත් ශාන්ත අන්තෝනි විද්‍යාලය කණ්ඩායම ක්‍රීඩා පිටියට නොපැමිණීම හේතුවෙන් තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට ලබාදීමට විනිසුරුවරුන් පියවර ගත්තහ.