ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන් වෙයි
March 14, 2026 03:30 pm
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවය.
ගැටුම්කාරී වාතාවරණය අඛණ්ඩව පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔවුන් පෙන්වා දී ඇත.
ඉරානයේ පුද්ගලයින් 25,000කට අධික පිරිසක් ගැටුම් ආරම්භයෙන් පසු මේ දක්වා ඇෆ්ගනිස්ථානයට පළාගොස් ඇති බව ද සදහන් වේ.
