2025/26 මහ කන්නයේ සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම ගැන දැනුම්දීමක්

2025/26 මහ කන්නයේ සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම ගැන දැනුම්දීමක්

March 13, 2026   09:32 am

2025/2026 මහ කන්නයේදී සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික්කවල සිදුවූ හානි පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලවල ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය විසින් එම වගා හානි සිදුවූ දිස්ත්‍රික්කවල හානි පරීක්ෂා කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවය. 

ඒ අනුව පොළොන්නරුව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිදුව ඇති වගාහානි පරීක්ෂා කිරීම් සඳහා එම නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද එම කටයුතු කඩිනමින් අවසන් කිරීමටද නියමිතව ඇති බවද එම මණ්ඩලය සඳහන් කළේය.

හානි පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් කළ වහාම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් ලබාගෙන සත්‍ය වශයෙන් සිදුවූ හානි සඳහා කඩිනමින් අදාළ වන්දි ගෙවීමට කටයුතු කරන බවද එම මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.