එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර

March 13, 2026   07:17 am

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය.

එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.