අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක්

අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක්

March 12, 2026   11:09 pm

අමෙරිකානු USS Gerald R. Ford (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට එරෙහි යුද්ධයේ රතු මුහුදේ ක්‍රියාත්මක වන අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ලෙස මෙම නෞකාව කටයුතු කරයි.

කෙසේවෙතත් අමෙරිකානු මධ්‍යම හමුදා අධිකාරිය (U.S. Central Command) සඳහන් කරන්නේ එම ගින්න පාලනය කර ඇති බවය.

එමෙන්ම එම ගින්න සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බව ඔවුන් පවසා තිබේ.

ගින්නෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගින්නෙන් නෞකාවේ සිටි නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.