විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හරි
March 11, 2026 05:14 pm
විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.
එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.
