විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්යක්ෂක මණ්ඩලය එකඟ වෙයි
March 10, 2026 08:56 pm
ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්රධාන සමාගම් 04හි අධ්යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.
එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා තිබේ.
එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.
