කැබිනට් තීරණ මෙන්න
March 10, 2026 02:14 pm
ඊයේ (09) දිනයේ දී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණ පහතින් දැක්වේ.
01. පොලි රහික ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීම
02. රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් විසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීම
03. විද්‍යාව මත පදනම් වූ ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන උපාය මාර්ගික රාමු ක්‍රියාත්මක කිරීම
04. 2026-2028 සඳහා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
05. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කාර්යයන් ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
06. ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
07. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීම
08. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
09. නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම
10. මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක් වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත විසා වලංගු කාල සීමාව දීර්ඝ කිරීම
11. ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් යන කෘෂි අපනයන භෝග නැවත වගාව සඳහා සහන සැලසීම
12. ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata XIIM පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සහ ස්ථාපනය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
13. ආර්ථීක ආවේක්ෂණ කමිටුව (Committee on Economic Surveillance) ස්ථාපිතකිරීම
