මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
March 10, 2026 01:08 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (10) දින එකළොහක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.
-----------------------------
Update | 01.05 AM | ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි
ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලබන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
හිස්බුල්ලා සංවිධානය යටතේ ඇති ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව එල්ල කරනු ලබයි.
