එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක් 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටර් අනතුරක් 

March 9, 2026   08:37 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ,  තාක්ෂණික දෝෂයක් ඊට හේතුවී ඇති බවය.

මෙම අනතුර මැදපෙරදිග යුද්ධයට සම්බන්ධදැයි මේ දක්වා පැහැදිලි තොරතුරක් ලැබී නැත.

මොවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ. 

දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ශෝකය සහ අනුකම්පාව පළ කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.