මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සිව්දරු මවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සිව්දරු මවක් අත්අඩංගුවට

March 9, 2026   04:05 pm

හැටන් ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය රදවා ගැනිමේ නියෝග මත විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු අද (09) යළිත් හැටන් දිසා විනිසුරු වෙත සහ මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සිව් දරු මවකි.

සැකකාරිය කාලයක් තිස්සේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට හැටන් ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට හැටන් කොට්ඨාශභාර ‍ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරක් මත සැකකාරිය ඉකුත් (03) දින කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මත්ද්‍රව්‍ය රැගෙන හැටන් ප්‍රදේශයට එමින් සිටියදී හැටන් මල්ලිඅප්පු මංසන්ධියේදි හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 11850ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය (04) වන දින ඉදිරිපත් කර රදවාගැනීමේ නියෝගමත හැටන් පොලීසියේ රදවා ගනිමින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකාරිනියගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා තරුණයන් 11 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකාරියන් 11 දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

සැකකාර කාන්තාව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ හැටන් ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන විත් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රු.5000ක් වැනි මිලකට අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.