ඉරානයේ අන්තර්ජාල විසන්ධියට අදට දින 10ක්
March 9, 2026 02:17 pm
ඉරාන රජය විසින් පනවා ඇති දැඩි සීමා කිරීම් හේතුවෙන් එරට ජනතාවට ලෝකය සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථාව දින 10ක් එනම් පැය 216ක් තිස්සේ අහිමි වී තිබේ.
අන්තර්ජාල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනු ලබන NetBlocks ආයතනය පවසන්නේ, ඉරානයේ අන්තර්ජාලය සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් දක්වා ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ වසන මිලියන 90ක පමණ ජනතාවට ලෝකය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී තිබේ.
ඉරාන රජය විසින් හිතාමතාම සිදුකර ඇති මෙම අන්තර්ජාල විසන්ධිය හේතුවෙන් එරට ඇතුළත සිදුවන දේවල් පිළිබඳ තොරතුරු පිටතට ගලා යාම සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.
