ලක්ෂ 40කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු දැලේ
March 9, 2026 11:18 am
'මතට තිත ජාතික මෙහෙයුම' යටතේ සිදුකළ වාහන පරීක්ෂා කිරීම් මෙහෙයුමකදී දොඩංගොඩ හා අවට ප්‍රදේශ රැසකටම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු ලක්ෂ 40කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දොඩංගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දොඩංගොඩ ප්‍රදේශයේ වාහන නවතා පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස ගමන්ගත් ත්‍රීවිල් රථයක් පරීක්ෂා කිරීමේදී එම ත්‍රිවිල් රථයේ සිටි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස සොයා ගත් බව දොඩංගොඩ පොලීසිය සඳහන් කරයි.
පොලීසිය පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න වන බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26ක දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මේ අතර,අත්අඩංගුවට පත් පුද්ගලයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වෙයි.
සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවූම් නියෝග ලබා ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.
