ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 400කට ආසන්න පිරිසක් මිය ගිහින්
March 8, 2026 06:57 pm
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 394 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය සඳහන් කළේ, මිය ගිය පිරිස අතර දරුවන් 83 දෙනෙකු සහ කාන්තාවන් 42 දෙනෙකු සිටින සිටින බවය.
එමෙන්ම ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ 09 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
