ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි
March 8, 2026 11:47 am
ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කලක පටන් ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ගාල්ල කරාපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට ඒ මහතා 51 වන වියේ පසුවුණි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කර තිබේ.
සිරස TV ආයතනයේ විධායක වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙසද සේවය කර ඇති ඔහු එම කාලයේ ප්‍රසිද්ධියට පත් වූයේ "පරිසරයට විනාඩියක්" වැඩසටහන තුළිනි.
අනතුරුව පුවත්පත් කලාවට පිවිසි ඔහු පසුගිය කාලයේ ලංකාදීප පුවත්පත සමඟ කටයුතු කළ අතර මාධ්‍යවේදියෙකු සේම ඔහු ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් ද වේ.
ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ දේහය මේ වනවිට ගාල්ල වක්වැල්ලේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (08) පස්වරු 6ට ගාල්ල, දඩල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.
