IRIS Bushehr නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ බේරාගත් ඉරාන නාවිකයින් ගැන අමෙරිකාව ගත් තීරණය
March 8, 2026 10:31 am
ඉරාන නෞකාවන් පිළිබඳ තත්ත්වය හැසිරවීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනය ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයාවරයා සඳහන් කර සිටී.
එමෙන්ම, 'IRIS Bushehr' නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුදාගත් ඉරාන නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකාවේ දේශීය නීති සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ශ්‍රී ලංකාව සතු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
