නෝර්වේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්
March 8, 2026 08:46 am
නෝර්වේ ඔස්ලෝ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීම අලුයම සිදුව ඇති අතර පිපිරීමට හේතුව හෝ එය පිටුපස සිටින්නේ කුමන පාර්ශ්වයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔස්ලෝ අගනුවර පොලීසිය සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ දොරටුවට අසල මෙම පිපිරීම සිදුව ඇති බවය.
පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව එරට ආරක්ෂක අංශ මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
