ඉරානය විසින් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව නව ප්‍රතිප්‍රහාර මාලාවක්
March 8, 2026 07:56 am
ඉරාන හමුදාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
මෙම වාර්තාවට අනුව, ඉරාන හමුදාව විසින් මෙම නවතම ප්‍රහාරය "ටෲ ප්‍රොමිස් (Operation True Promise) මෙහෙයුමේ 27 වන රැල්ල" ලෙස හඳුන්වා දී ඇත.
එමෙන්ම, කුවේටයේ පිහිටි 'අරිෆ්ජාන්' (Arifjan) අමෙරිකානු හමුදා කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉතා නිවැරදි ඉලක්ක වෙත පතිත වන මිසයිල (precision-strike missiles) ප්‍රහාර එල්ල කළ බව ද ඉරාන හමුදාව වැඩිදුරටත් සඳහන් කර සිටී.
