IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා INDOPACOM ප්‍රතික්ෂේප කරයි

IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා INDOPACOM ප්‍රතික්ෂේප කරයි

March 8, 2026   07:42 am

මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ඉන්දු - පැසිෆික් විධානය සඳහන් කර තිබේ.

ඔවුන් පවසනුයේ ඒ අනුව එය සන්නද්ධ ගැටුම් නීතිය යටතේ වලංගු නිෂ්චිත හමුදා ඉලක්කයක් බවත් එම නෞකාව විනාශ කිරීමට බලය යෙදීමට අවසර ඇති බවත්ය.

ඒ අනුව අදාළ නෞකාව විනාශ කළ බවත් සන්නද්ධ ගැටුම් නීතියට අනුකූලව දිවි ගලවා ගත් පිරිස් සඳහා ශ්‍රි ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබා දී ඇති බවත් එම කාර්යාලය නිකුත් කළ සටහනේ සඳහන් වේ.

🚫 Iran claims IRIS Dena was unarmed - FALSE
✅ Law of Armed Conflict authorized the use of force to target and destroy valid military targets - TRUE
✅ U.S. forces planned for and Sri Lanka provided life-saving support to survivors in accordance with the Law of Armed Conflict -… pic.twitter.com/DdY5RNFUYf

— U.S. Indo-Pacific Command (@INDOPACOM) March 7, 2026