කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

March 7, 2026   11:27 am

සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබේ.

ඒ අනුව යුද්ධය ආරම්භ වී සතියකට පසු පළමුවරට සීමිත ගුවන්ගමන් සංඛ්‍යාවක් නැවත ආරම්භ කරන බව ඔවුන් පවසයි.

කෙසේ නමුත් එරට ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බවය.

මේ අතර කටාර් රාජ්‍යයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන හමාඩ් ගුවන්තොටුපොළ පරිපාලනය නිවේදනය කර ඇත්තේ, ඉදිරි දිනවලදී ගුවන්ගමන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සෙසු ගුවන්ගමන් සඳහා තීරණයක් ගන්නා බවය.

මෙම සතිය තුලදී ඉරානය විසින් කටාර් ගුවන්තොටුපොළ වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර, එය ව්‍යර්ථ කිරීමට කටාරයට හැකිවිය.