මැදපෙරදිග යුද්ධයෙන් අහිමි වූ ජීවිත
March 5, 2026 06:34 pm
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපය පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
නවතම වාර්තාවලට අනුව වැඩිම ජීවිත හානියක් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි.
ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ දරුණු මිසයිල ප්‍රහාරයකින් පාසල් ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් ඇතුළු 175 දෙනෙකු මියගිය අතර, සමස්තයක් ලෙස ඉරානය තුළ මියගිය සංඛ්‍යාව 1,230 ඉක්මවා ඇති බව විදේස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, මාර්තු 1 වනදා ඉරානය විසින් ඊශ්‍රායලයේ බීට් ෂෙමේෂ් ප්‍රදේශයට එල්ල කළ ප්රතිප්රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු ඊශ්‍රායලයේදී මියගොස් තිබේ.
මෙම ගැටුම් හේතුවෙන් අමෙරිකානු සෙබළුන් 6 දෙනෙකුට ද දිවි අහිමි වී ඇත.
ගැටුම් කලාපයට අයත් නොවන සෙසු රටවලට ද මෙහි බලපෑම එල්ල වී ඇති අතර ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 77 දෙනෙකු මියගොස් තිබේ.
ඊට අමතරව කුවේටය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවලින් ද මරණ වාර්තා වී ඇත.
එනම් ඉරාන ප්‍රහාරවලින් කුවේට් සෙබළුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇත.
ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මාෂල් දූපත් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබුණි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ නෞකාවලට එල්ල වන ප්‍රහාර සහ කාර්මික කලාපවලට වැටෙන මිසයිල කොටස් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක්ව ඇති බව දක්නට ලැබේ.
