ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය
March 4, 2026 06:54 pm
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක පොතේ ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ ශෝකය පළ කරමින් විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ.
ඒ සම්බන්ධයෙන් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට සිය බලවත් ශෝකය පළ කරන බවය.
එමෙන්ම එතුමාගේ කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් වූ බවත් ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරන අතර ඉරාන ජනතාව සමඟ සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.
"අද දින මම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාමාගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට මගේ බලවත් ශෝකය පළ කළෙමි. ඔහුගේ කාලය තුළ අපගේ ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් විය. ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරයි. අපගේ සිතුවිලි ඉරාන ජනතාව සමඟ ය."
