යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 4, 2026 06:14 am
Update - 10:39 PM
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කර තිබේ.
-----------------------
Update - 10:09 PM
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලොව ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන 'මර්ස්ක්' (Maersk), ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක භාණ්ඩ වෙන්කරවා ගැනීම් (Cargo Bookings) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
--------------------
Update - 09:30 PM
මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට සමත් වූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.
------------------
Update - 7:37 PM
ලෝකයේ පවතින ගැටුම්කාරී තත්ත්වය ගැන අදහස් දක්වමින් වතිකානුවේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා වන කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (Pietro Parolin) පවසා ඇත්තේ, ජාත්‍යන්තර නීති නොසලකා හරිමින් සිදුකරන යුද්ධ පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවයි.
------------------
Update - 7:37 PM
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා සමූහයක් යොදවා ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
---------------------
Update - 7:20 PM
මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු වැසියන් වහාම රජය හා සම්බන්ධ වී තමන් සිටින ස්ථානය සහ තොරතුරු ලබා දිය යුතු බව අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් (Dan Caine) ප්‍රකාශ කර තිබේ.
------------------
Update - 6:55 PM
"අපි තවම ආරම්භ කළා විතරයි, ප්‍රබල බෝම්බ සීමාවකින් තොරව භාවිතා කරනවා" - ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
-----------------
Update - 6:46 PM
ඉරානයේ සිට තුර්කි ගුවන් සීමාව දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීම සම්බන්ධයෙන් තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිඩාන් (Hakan Fidan) ඉරානයට සිය විරෝධය පළ කර තිබේ.
----------------------
Update - 6:43 PM
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) පවසා ඇත්තේ ඉරානය සමඟ පවතින ගැටුම් සඳහා මැදපෙරදිග කලාපයට තවත් අමතර සේනාංක පැමිණෙමින් පවතින බවයි.
"මෙය තවමත් ආරම්භක අවස්ථාවයි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි, අපට ජයග්‍රහණය සහතික කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම කාලයක් අපි ලබා ගන්නවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වය වෙනුවෙන් අමෙරිකාව ඉතා සැලසුම් සහගතව කටයුතු කරන බව ද ඔහු අවධාරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
---------------------
Update - 6:40 PM
තුර්කි දේශසීමාව දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානය ඉරානයට සිය විරෝධය පළ කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
------------------
Update - 6:37 PM
හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල යුද ටැංකියකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දකුණු ලෙබනනයේ දේශසීමා ආසන්නයේ පිහිටි හූලා (Houla) නගරයේදී ඊශ්‍රායල යුද ටැංකියකට ප්‍රහාරයක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසා තිබේ.
--------------
Update - 6:27 PM
ඕමානයට උතුරින් පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ බහලුම් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වෙයි.
---------------------
Update - 6:25 PM
දකුණු ලෙබනනයට එරෙහිව තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.
------------------------
Update - 5:55 PM
ඉරානය සමඟ යුද්ධය නිසා ඊශ්‍රායල ආර්ථිකය සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පාඩුවක් ලබා ඇති බව ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය පවසා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
-------------------
Update - 5:51 PM
ඉරානයේ අල්වන්ඩ් හි (Alvand) නිෂ්පාදන ආයතනයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 23ක් තුවාල ලබා තිබේ.
---------------------
Update - 5:41 PM
බහරේනයේ හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------
Update - 5:30 PM
කටාර්හි සිටින අත්‍යවශ්‍ය නොවන අමෙරිකානු රජයේ සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට රටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-----------------------
Update - 5:07 PM
ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව 10 වැනි ප්‍රහාරක රැල්ල දියත් කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය ටෙහෙරාන් අගනුවර වූ අතර, කරාජ් (Karaj) සහ ඉස්ෆහන් (Isfahan) ප්‍රදේශවලටද ප්‍රහාර එල්ල වී ඇත.
මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, පාසල්වලට හානි සිදුවී ඇති බවත් වාර්තා වේ.
--------------------
Update - 4:55 PM
ඉරානයේ ටෙහෙරාන් අගනුවර අද රාත්‍රී 10ට පැවැත්වීමට නියමිතව තිබූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි.
---------------------
Update - 4:45 PM
ඉරාකයේ ක්‍රියාත්මක වන, ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායමක් වන සරායා අව්ලියා අල්-දම් (Saraya Awliya al-Dam) විසින් ජෝර්දානය තුළ පිහිටි වැදගත් අමෙරිකානු ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළ බව පවසා තිබේ.
-------------------------
Update - 4:30 PM
උතුරු ඉරාකයේ ඩෙකාලා (Dekala) නගරයේ පිහිටි ඉරාන විරුද්ධ පක්ෂ මූලස්ථානයක අවි ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් සටන්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
-------------------
Update - 4:22 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වු බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-----------------
Update - 4:02 PM
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 65,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
------------------
Update - 3:55 PM
ඊශ්‍රායල හමුදාව විසින් තම දේශසීමා ඉලක්කකළ හැකි බවට කළ අනතුරු ඇඟවීමකින් පසුව, ලෙබනනය සමඟ ඇති දේශසීමා පිවිසුම් වසා දැමීමට සිරියාව පියවර ගෙන තිබේ.
-------------------
Update - 3:42 PM
ලෙබනන් සීමාව ආසන්නයේ පිහිටි උතුරු ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ නලා ශබ්ද වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------
Update - 3:24 PM
උතුරු ඊශ්‍රායලයේ හමුදා ස්ථානයකට ප්‍රහාරයක් එල්ලකළ බවට හිස්බුල්ලා සංවිධානය චෝදනා කර තිබේ.
-----------------
Update - 3:20 PM
සෞදි අරාබි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සෞදි ඇරම්කෝ සමාගම විසින් මෙහෙයවන එරට විශාලතම තෙල් පිරිපහදුව වන රාස් තනුරා (Ras Tanura) පිරිපහදුවට ප්‍රහාරක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට දින කිහිපයකට පෙර ඩ්‍රෝන ප්‍රහාර දෙකක් මැඩපැවැත්වීමේදී ඇති වූ ගින්නක් හේතුවෙන් මෙම පිරිපහදුවේ වැඩකටයුතු නවත්වා තිබූ අතර, මෙම නව ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන් පසුවය.
-----------------
Update - 2:00 PM
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා සිට ඉරානයෙන් චීන ජාතිකයින් 470කට වැඩි පිරිසක් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.
------------------------
Update - 1:42 PM
ඉරානයට එරෙහි අමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර 'ජාත්‍යන්තර නීතියට අනුකූල නොවන' බව කැනඩා අගමැති මාර්ක් කාර්නි පවසා තිබේ.
--------------------
Update - 1:40 PM
ටෙහෙරානයේ රජයේ යටිතල පහසුකම් ඉලක්කකර ගනිමින් පුළුල් ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
------------------------
Update - 1:17 PM
නැගෙනහිර ටෙහෙරානයේ පිපිරීමක් වාර්තා බව විදෙස් වාර්තා පවසයි.
-----------------
Update - 1:06 PM
කමේනිගේ අවමංගල්‍ය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබියදී, ඔහුගේ අනුප්‍රාප්තිකයා මරා දැමීමට උත්සාහකළ හැකි බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති බවට විදෙස් වාර්තා පවසයි.
-------------------------
Update - 1:01 PM
ඉරාකයේ සුලෙයිමානියා හි ගොඩනැගිල්ලක් ඉලක්කකර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
-------------------
Update - 12:29 PM
බේරූට් වෙත තවත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර තිබේ.
-------------------
Update - 12:25 PM
කලාපය පුරා අඛණ්ඩව එල්ලවන ප්‍රහාර හමුවේ, මැදපෙරදිගින් පිටවීමට අපේක්ෂා කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සහාය වීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඕමානයේ සිට විශේෂ මගී ප්‍රවාහන ගුවන් යානයක් වෙන් කර ඇත.
--------------------
Update - 12:02 PM
දකුණු බේරූට් තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ ගොඩනැගිලි ඉලක්කකර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන බැවින්, දකුණු බේරූට් හි ඇතැම් ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
-------------------
Update - 11:50 AM
ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ හස්මිහ් හි නගරයේ හෝටලයකට බෝම්බ හෙලා ඇති බවට වාර්තා වෙයි.
------------------------
Update - 11:20 AM
ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපළ අසල ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලා ඇති බවට සඳහන් වෙයි.
----------------------
Update - 11:07 AM
සටන් මධ්‍යයේ තෙල් නැවක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායට යාත්‍රාකළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-----------------------
Update - 10:36 AM
ඉරානයට එරෙහි අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයන්ට රුසියාව සහ චීනය විරෝධය පළකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-------------------------
Update - 10:15 AM
මැදපෙරදිග උග්‍රවන ගැටුමෙන් පසු බලශක්ති මිල ඉහළ යාම සහ ගෝලීය වෙළෙඳාමට ඇති වන බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අවධානය යොමු කර ඇත.
මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවය තවදුරටත් තීව්‍ර කළ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.
-----------------
Update - 10:10 AM
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, රියාද් නගරයට දකුණින් එල්ල වූ කෘෘස් මිසයිල දෙකක් මැඩපැවැත්වීමට සෞදි ආරක්ෂක බළකා සමත් වූ බවය.
-----------------
Update - 9:30 AM
ලෙබනනයේ, බාල්බෙක් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් හතර දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
-----------------
Update - 9:05 AM
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි.
-----------------
Update - 8:20 AM
අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, සෙනසුරාදා සිට ආරම්භ කළ සන්නද්ධ මෙහෙයුම් යටතේ ඉරානය තුළ ඉලක්ක 2,000කට අධික ප්‍රමාණයක් ප්‍රහාරයට ලක්කර ඇති බවයි.
ඉරානය එයට ප්‍රතිචාර වශයෙන් කලාපය පුරා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
-----------------
Update - 7:40 AM
සෞදි අරාබියේ ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා නවයක් විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-----------------
Update - 7:00 AM
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.
-----------------
Update - 6:40 AM
සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මධ්‍යම බුද්ධි ඒජන්සි (CIA) මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
-----------------
Update - 6:20 AM
ඩුබායි හි අමෙරිකානු කොන්සල් කාර්යාලයෙන් පිටත වාහන නැවැත්වීමේ ස්ථානයකට ඉරාන ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් සුළු ගින්නක් ඇති වූ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.
-----------------
Update - 6:14 AM
අමෙරිකානු හමුදාව පැවසුවේ එක්සත් ජනපදය ඉරානයේ ඉලක්ක 2,000 කට ආසන්න සංඛ්‍යාවකට පහර දී ඉරාන නැව් 17 ක් විනාශ කර ඇති බවය.
අරාබි බොක්ක, හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ ඕමාන් බොක්කෙහි එකදු ඉරාන නෞකාවක්වත් ගමන් නොකරන බව එක්සත් ජනපද හමුදාව පැවසීය.
-------------------------------------------------------------------------------------------------------------------------
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 5ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.
මැදපෙරදිග යුද ගැටුම්වල නවතම යාවාත්කාලීන කිරීම් ඉහතින්.
