යුද ගිනි දැල් ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවාත්කාලීන කිරීම් මෙතැනින්
March 2, 2026 07:06 am
UPDATE - 11.11 P.M
මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ද ජනාධිපති ව්ලැදිමීර් පුටින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.
-------------------
UPDATE - 10.40 P.M
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148ක් සාර්ථකව බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------
UPDATE - 10.08 P.M
ඉරානයේ සිට පැමිණි SU24 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් බිම හෙළීමට තම ආරක්ෂක අංශ සමත් වූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මීට අමතරව, අද දිනයේ කටාර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ බැලස්ටික් මිසයිල 7ක් සහ ඩ්‍රෝන යානා 5ක් ද විනාශ කිරීමට කටාර් හමුදාව හැකි වූ බව වාර්තා වේ.
-------------------
UPDATE - 09.36 P.M
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කරන ආක්‍රමණශීලී ප්‍රහාරයන් (Offensive strikes) සඳහා එක්සත් රාජධානිය සහාය නොදක්වන බව බ්‍රිතාන්‍ය අගමැති කීය ස්ටාමර් (Keir Starmer) අවධාරණය කරයි.
-------------------
UPDATE - 08.59 P.M
කලාපීය වශයෙන් පැවති නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවා පියවරෙන් පියවර යළි ආරම්භ කිරීමට සඳහා අද (02) පස්වරුවේ සිට සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව Emirates ගුවන් සේවය නිවේදනය කර තිබේ.
මේ අතර, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ Dubai International (DXB) සහ ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් - අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Dubai World Central – Al Maktoum International) හරහා ක්‍රියාත්මක වන ගුවන් ගමන්වලින් සීමිත ගුවන් ගමන් කිහිපයක් අද පෙරවරුවේ සිට යළි ගමන් ආරම්භ කරන බව ඩුබායි ගුවන්තොටුපළ බලධාරීන් තහවුරු කර තිබේ.
---------------------------
UPDATE - 08.03 P.M
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර තිබේ.
-------------------
UPDATE - 7.55 P.M
ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ඉරානයට සහාය දක්වන බව චීන විදේශ අමාත්‍යවරයා සිය ඉරාන නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
----------------------------
UPDATE - 07.25 P.M
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම වන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අමෙරිකානු හමුදා මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු අවධාරණය කළේ, වසර 47ක ඉරාන සටන්කාමීත්වයට ජනාධිපති ට්‍රම්ප් විසින් තිත තබා ඇති බවය.
"අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරනවා," යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.
-------------------
UPDATE - 6.49 P.M
ඉරාන මෙහෙයුම්වලදී මියගිය ඇමරිකානු සේවා සාමාජිකයින් හතර දෙනා ගැන රට ශෝක වන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පවසයි.
--------------------
UPDATE - 6.34 P.M
කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන QatarEnergy, එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ සිය ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කර තිබේ.
-------------------
UPDATE - 6.03 P.M
ඉරාන ප්‍රහාරවලින් පසු සිව්වන හමුදා සාමාජිකයා මිය ගිය බව අමෙරිකාව තහවුරු කර තිබේ.
-----------------
UPDATE - 05.40 P.M
මැදපෙරදිග කලාපය තුළ ඉරානය සිදුකරන ක්‍රියාවන්, එම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව අමෙරිකාව සහ ගල්ෆ් කලාපයේ රටවල් හයක් ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
කුවේට් විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරන ලද මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, සිවිල් වැසියන් සහ යුද්ධයට සම්බන්ධ නොවන රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.
මෙම ප්‍රකාශයට කුවේටය, සවුදි අරාබිය, බහරේනය, කටාර්, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් අත්සන් තබා ඇත.
----------------------
UPDATE - 5.30 P.M
සිය හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන රජයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක බළකාය පෙන්වාදෙන්නේ ඉරානයේ බුද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයෙඩ් හමිඩි සහ බුද්ධි කටයුතු අමාත්‍යංශයේ ඔත්තුබැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙලෙස මියගිය බවය.
මේ අතර, ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් මියගිය අය අතර ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව සඳහන් වෙයි.
--------------
UPDATE - 5.03 P.M
අමෙරිකානු හමුදාවට අයත් ජෙට් යානා තුනක් කුවේට් රාජ්‍යයේ දී කඩා වැටී තිබුණේ සිදුවු අත්වැරදීමකින් බව අමෙරිකාව පවසයි.
--------------------
UPDATE - 4.35 P.M
කුවේටයේදී ඇමරිකානු ගුවන් යානා කඩා වැටීමත් සමඟ සෞදි අරාබිය ඇතුළු කලාපය පුරා නව ඉරාන ප්‍රහාර වාර්තා වී තිබේ.
---------------------
UPDATE - 4.19 P.M
ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ පිපිරීම් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
-------------------
UPDATE - 3.49 P.M
ජ්‍යෙෂ්ඨ ඉරාන බුද්ධි නිලධාරීන් ඝාතනය කළ බව IDF පවසයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සඳහන් කරන පරිදි ඊශ්‍රායල කටයුතු පිළිබඳ ඉරාන බුද්ධි නියෝජ්‍ය අමාත්‍ය සයිඩ් යාහියා හමීඩි ඝාතනය කළ බවයි.
--------------------
UPDATE - 3.39 P.M
සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්කකර එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඇති වූ ගින්න පාලනය කළ බව සෞදි මාධ්‍ය පවසයි.
-------------------
UPDATE - 2.20 P.M
ගල්ෆ් රටවල ගුවන් කලාපය වසා දැමීම නිසා ගුවන් ගමන් 3,400කට වඩා අවලංගු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-------------------
UPDATE - 2.18 P.M
සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
------------
UPDATE - 2.16 P.M
එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ නගර 131ක් බලපෑමට ලක් ව ඇත.
-------------
UPDATE - 2.07 P.M
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ මරණ සංඛ්‍යාව 550 ඉක්මවා ඇති බව සඳහන් වෙයි.
---------------
UPDATE - 2.03 P.M
දකුණු සයිප්‍රසයයේ එක්සත් රාජධානියේ හමුදා කඳවුරකට ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල කර තිබේ.
-------------
UPDATE - 1.50 P.M
දකුණු ඉරානයේ ෆාර්ස් පළාතට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බවට සඳහන් වෙයි.
-------------
UPDATE - 1.40 P.M
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවන බැවින් ඉරානයේ අන්තර්ජාල විසන්ධි කිරීම පැය 48 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------
UPDATE - 1.35 P.M
කුවේට්හිදී අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී තිබේ.
-----------------
UPDATE - 1.09 P.M
ඉරානයට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා ඊශ්‍රායලය සතුව 'විශාල සාක්ෂි ප්‍රමාණයක්' ඇති බවට ඊශ්‍රායල ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මැද පෙරදිග අනාගතය ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ ප්‍රතිඵලය මත රඳා පවතින බව ඊශ්‍රායල ජනාධිපතිවරයා වැඩිදුර සඳහන් කර තිබේ.
---------------------
UPDATE - 12.18 P.M
ඉරාකයේ එර්බිල් ගුවන්තොටුපළට ඉහළින් සන්නද්ධ ඩ්‍රෝන යානා තුනක් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වේ.
--------------------
UPDATE - 12.16 P.M
කටාර් එයාර්වේස් ගුවන් ගමන් අත්හිටුවීම අඛණ්ඩව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රටේ ගුවන් කලාපය අඛණ්ඩව වසා දැමීම හේතුවෙන් තම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව කටාර් ගුවන් සේවය පවසයි.
--------------
UPDATE - 11.36 A.M
කුවේට්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ අසලින් දුම නැඟී එන අයුරු දැක ඇති බව AFP සහ රොයිටර් පුවත් ඒජන්සි වාර්තා කරයි.
------------
UPDATE - 11.32 A.M
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 31 දෙනෙකු මිය ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බේරූට් සහ දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇත.
------------
UPDATE - 11.00 A.M
ඊශ්‍රායලය ලෙබනනයට තවත් ප්‍රහාර එල්ල කරයි.
ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක ආයුධ ගබඩා ඇතුළුව හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ “අතිරේක ඉලක්කවලට පහර දීම” ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පැවසීය.
------------------------
UPDATE - 10.50 A.M
බහරේනයේ සහ ඩුබායිහි ද පිපිරීම් වාර්තා වී ඇත.
දෝහාහි පිපිරීම් වාර්තා වීමෙන් පසුව, බහරේනයේ සහ ඩුබායිහි පිපිරීම් වාර්තා වී ඇති බව ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සිය වන ඒඑෆ්පී ද වාර්තා කරයි.
----------------
UPDATE - 10.49 A.M
ඉරානය මුලින්ම ඇමරිකාවට පහර දීමට සැලසුම් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්ටගනය කොංග්‍රසයට දන්වා ඇති බව වාර්තාව පවසයි.
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමට පෙර ඉරානය එක්සත් ජනපදයට පහර දීමට සැලසුම් කර ඇති බවට කිසිදු සලකුණක් නොමැති බව ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් එක්සත් ජනපද කොංග්‍රසයට පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
-------------
UPDATE - 10.45 A.M
කටාර් හි අගනුවර වන දෝහා හි විශාල පිපිරීම් ශබ්දයක් ඇසී ඇති බව සඳහන් වෙයි.
-------------------
UPDATE - 10.20 A.M
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-----------------------
UPDATE - 09.56 A.M
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෙට (03) අඟහරුවාදා සවස 4ට ඉරානය පිළිබඳව කැපිටල් හිල් හි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
----------------
UPDATE - 09.26 A.M - ඉරාකයේ බැග්ඩෑග් හී ජුර්ඨ් අල් - සකර් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
--------------------------
UPDATE - 09.00 A.M - ඉරාන අගනුවර වන ටෙහෙරාන් සහ කරජ් නගරයන් හී නැවත පිපිරීම් කිහිපයක් සිදුව තිබේ. ඉරාන රජයට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ එම නගර ආශ්‍රිතව පිපිරීම් සිදුව ඇති බවය.
--------------------------
UPDATE - 08.40 A.M - බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කළ පහරදුන් බවත් ලෙබනනයේ ලෙබනන් සන්නද්ධ කණ්ඩායම් සඳහාත් ඉලක්ක කළ බවය.
--------------------------
UPDATE - 08.17 A.M - දකුණු ලෙබනනයේ නගර තුනකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ. හරිස්, නබතිහ්, අල්-ෆව්කා යන නගර තුන සඳහා මෙලෙස ප්‍රහාර එල්ල වී ඇතැයි සඳහන්.
--------------------------
UPDATE - 07.21 A.M - ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය පිරිස 180 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස සියලු දෙනාම අදාල පාසලේ සිසුවියන් බවත් සඳහන් වේ.
--------------------------
UPDATE - 07.18 A.M - ටෙහෙරානයේ නිලුෆර් චතුරශ්‍රයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
--------------------------
UPDATE - 07.05 A.M - බහරේනයේ සල්මාන් කාර්මික කලාපයේ විදෙස් නෞකාවකට මිසයිල සුන්බුන් වැටීම හේතුවෙන් ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
