ඉරානය සමඟ පවතින යුද ගැටුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

ඉරානය සමඟ පවතින යුද ගැටුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

March 1, 2026   08:57 pm

ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ හමුදා මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව තහවුරු කර තිබේ.

ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු අමෙරිකානු පාර්ශවයෙන් වාර්තා වූ පළමු මරණ කිහිපය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම මෙහෙයුමේදී තවත් සෙබළුන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට හමුදා වාර්තා පෙන්වා පවසා ඇත.

මියගිය සෙබළුන්ගේ අනන්‍යතාවය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැතිඅතර අමෙරිකානු හමුදා සම්ප්‍රදායට අනුව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කර පැය 24ක් ගතවන තුරු නම් හෙළිදරව් නොකරන බව සඳහන් වේ.

ඉරානයට එරෙහි මෙම මෙහෙයුම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණේ, "අමෙරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකි බවත්, යුද්ධයකදී එවැනි ජීවිත හානි සාමාන්‍ය දෙයක්" බවත්ය.

මෙම මරණ වාර්තා වීමත් සමඟ අමෙරිකාව ඉරානයට එරෙහිව සිය ප්‍රහාර තවදුරටත් දැඩි කරනු ඇතැයි වාර්තා වේ.