96 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්

96 වන ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්

March 1, 2026   07:18 pm

කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 96වන වරට පැවති 'සුලෝහිත සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (01) අවසන් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 353ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 424ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව යළි සිය දෙවන ඉනිම ඇරඹූ ආනන්ද විදුහල එවර කඩුලු 6කට ලකුණු 170ක් රැස්කර නාලන්දා විදුහලට ලකුණු 100ක ඉලක්කයක් ලබාදුන්නේය.

දිනය නිමාවන විට නාලන්දා විදුහල කිසිවෙකුත් නොදැවී ලකුණු 8ක් රැස්කරගෙන සිටියේය.

දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම තරගය 1924 වර්ෂයේදී ආරම්භ වූවකි. මෙය ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වේ.

අද තරගයත් සමග දෙවිදුහල් අතර මේ දක්වා තරග 77ක් ජයපරාජයෙන් තොරව අවසන්ව ඇත.

තරග 12ක ජය ආනන්ද විදුහලද, තරග 7ක ජය නාලන්දා විදුහලද ජයගෙන සිටියි.