ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
February 28, 2026 09:07 pm
මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වයන් සම්බන්ධව ජොර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් අනවශ්‍යය ගමන්වලින් වැලකී නිසි සැලකිල්ලෙන් සුපරික්ෂාකාරීව සිටින ලෙසත් සාමුහික එකතුවීම්වලින් වලකින ලෙසත් තානාපති කාර්යාලය එරට ලාංකිකයින්ගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම සෑමවිටම ජෝර්දාන බලධාරීන් සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ උපදෙස් අනුගමනය කරන ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලා තිබේ.
තවද හදිසි ඕනෑම අවස්ථාවකදි පහත සඳහන් දුරකථන අංක හරහා තානාපති කාර්යාලය අමතන ලෙසත් එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

