ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් 

ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් 

February 28, 2026   09:04 pm

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් හිමිව තිබේ. 

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. 

ඒ අනුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 212කි.

එහිදී Sahibzada Farhan ලකුණු 100ක් සහ Fakhar Zaman ලකුණු 84ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී දිල්ෂාන් මධුසංඛ කඩුලු තුනක් සහ දසුන් ශානක කඩුලු දෙකක් බිඳහෙළුහ.

කෙසේ වෙතත් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147ට සීමා කිරීමට පාකිස්තානයට හැකි වූවහොත් ඔවුන්ට අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකි වනු ඇත.

ඔවුන් ඊට අපොහොසත් වන්නේ නම් නවසීලන්තය එම තරගය සඳහා සුදුසුකම් ලබයි.