රුසියානු තානාපතිවරයා ජනපති ලේකම් හමුවෙයි
February 25, 2026 12:43 pm
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම බලපාන පොදු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, සංචාරක, වෙළෙඳ, තාක්ෂණික ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳවද අවධානය යොමුවිය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී German FEDOROV සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
