ගෝලීය තීරු බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
February 21, 2026 10:53 pm
අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඒ අනුව එම බදු ප්‍රමාණය සියයට 15 දක්වා ඉහළ යනු ඇත.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, පවතින නීතියට අනුව දින 150ක කාලයක් සඳහා මෙලෙස සියයට 15 දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පවතියි.
ඊයේ (21) අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම බදු අනුපාතය 10%ක් වන බවය.
ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම බදු පනවනු ලැබීය.
