කාසියේ වාසිය පාකිස්තානයට
February 21, 2026 06:42 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
නවසීලන්තය සහ පාකිස්තානය විස්සයි විස්ස ලෝක කුසලාන තරග 7කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග දෙකක් නවසීලන්ත කණ්ඩායම ද තරග පහක් පාකිස්තාන කණ්ඩායම ද ජයගෙන ඇත.
