පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්

පසුගිය වසරේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම ගැන හෙළිදරව්වක්

February 21, 2026   05:26 pm

පසුගිය 2025 වසරේ පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන ලද වැටලීම් මගින් ආරක්ෂක අංශ භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 110ය ඉක්මවන බව  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ 2025 වර්ෂයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතන සඳහා වෙන්කර ඇති මුදල වූයේද රුපියල් බිලියන 147ක් වන බවය.

මෙම මත් ජාවාරම් හේතුවෙන් මෙරටට විශාල මුදලක් අහිමි වන බවත් පැවසූ ඒ මහතා මේ හේතුවෙන් මෙරට තරුණ ජීවිත රැසක්ද අකාලයේ රටට අහිමි වන බවද පෙන්වා දුන්නේය. 

දඹුල්ලේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට තරුණ හීවිත රැසක් අහිමිවීමේ අවධානමක් සහ විශාල මුදල් ප්‍රමාණයක්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අහිමි කරන බවත්ය.

මත්ද්‍රව්‍ය තුළින් මෙරටට විශාල මුදලක් ජවාරම්කරුවන් විසින් අහිමි කරන බවත් පැවසූ ඒ මහතා මත්ද්‍රව්‍ය තුළින් ලබන්නා වූ ආදායම් රටේ සංවර්ධනයට හෝ රටේ ඉදිරි ගමනට දායක නොවන බවද සඳහන් කළේය.

ඒ අනුව රට වෙලා ගත් මෙම බිහිසුණු මත්ද්‍රව්‍ය අනතුරින් සමාජය මෙන්ම දරුවන්ද සුරක්ෂිත කිරීමටද සියලු පාර්ශ්වයන් හී වගකීම බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා, 

"අප රට වෙලා ගත් බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 පොලීසිය, හමුදාව අරන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එහි මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 110කට අධිකයි. මම ඒ ගමන්ම ඔබට සඳහන් කරන්නම් 2025 වර්ෂයේ මමත් සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනවලට අයවැයෙන් වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147ක්. ඉතිං ඔබට තේරෙනවා ඇති ඒ හා සමාන මුදලක් මේ මත්ද්‍රව්‍යවලින් අපේ රටට අහිමි වෙනවා. මේ බිලියන 110 මේ රට, මේ රටේ ජනතාව විනාශ කරන්න යොදවනවා මිසක් මේ රටේ සංවර්ධනයට, රටේ ඉදිරි ගමනට දායකවෙන එකක් නෙමෙයි.  ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න"