හෙට වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
February 21, 2026 02:46 pm
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) දහවල් 2ට නිකුත්කළ මෙම කාලගුණ අනාවැකිය අනුව හෙට ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
